Tuesday, May 19, 2015

මගේ කතාව(War for Peace)


අපි අප අතරින් වැඩි පිරිසක් ජීවිතයෙන් වැඩි කලක් යුධ ගිනි අවුලුනු රටක ජීවත් වුනා. 83 කාලෙදී මම අත දරුවෙක් නමුත් මට රටේ යම් සිදුවීමක් වූ බව මතකයේ තෙබෙනවා. මීට වසර 6 කට පෙර අපි හිටියේ සිතියම බල බල යුදය ඉවර වීම දැක දැක සතුටු වෙමින්. මම පිලි නොගත් නමුත් කවදාවත් ඉවර කරන්න බැරි යයි  සමාජ මතයක් තිබුණු යුධය ඉවර් වීම අප සැමගේ ජයග්‍රනයක්. 

මම දකින විදියට නම් ලංකාවේ සිංහලයන්ට නැති උතුරු නැගෙනහිර මිනිසුන්ට පමණක් අනන්‍ය ගැටළුවක් නැහැ. මෙතන බෙදුම්වාදය පෝෂණය කරන්නේ තම දේශපාලන වාසි සලකා දේශ පාලකයන්. මේ රටේ යම් යම් ආගමික හෝ ජාතීන් නියෝජානය කරන දේශපාලන පක්ෂ තමයි බෙදුම් වාදය ඇතිකරන්නේ. මුලුන්ම පරාජය කල යුත්තේ එයයි. අපට එක් ශ්‍රී ලාංකික ජාතියක් කියන සංකල්පය තුලට යන්න බැරිනම් කවදාවක් එක්සත් ශ්‍රී ලංකාවක් දකින්න බැරි වේවි. 

මෙතනින් පසු දැක්වෙන්නේ අප බෙහොදෙනෙකු අත්විඳි අතීතයයි.

********************************

මේ පින්තුර ටික මගේ ජීවිතේ අවරුදු තිහක නොකිව්ව කතාව කියනවා.. ඒ කතාව ඔයාලගේ කතාවද කියන්න මම දන්නේ නෑ..

මගේ ජීවිතේ දන්නා කාලේ ඉදලම නිව්ස් වලට කිව්වෙම ආමි එකේ අයයි ත්‍රස්තවදියෝයි මරා ගත්ත එක ගැන විතරයි.. එයාල මරා ගන්නේ ඇයි කියල නම් කිව්වේ නෑ..
කොබ්බැකඩුව බෝම්බෙකට අහුවෙලා මැරිලාලු අම්ම කම්පා වෙනවා.. තව හමුදාවේ ලොක්කෝ ගොඩක් අහු වෙලා එකට කියලා ගෙදර අය කතා වෙනවා.. ආයේ යුද්දේ දිනන්න බැරි වෙයි කියලා එයාල ඔක්කොම කියනවා..

මගේ ජීවිතේ දන්නා කාලේ ඉදලම නිව්ස් වලට කිව්වෙම ආමි එකේ අයයි ත්‍රස්තවදියෝයි මරා ගත්ත එක ගැන විතරයි.. එයාල මරා ගන්නේ ඇයි කියල නම් කිව්වේ නෑ..
කොබ්බැකඩුව බෝම්බෙකට අහුවෙලා මැරිලාලු අම්ම කම්පා වෙනවා.. තව හමුදාවේ ලොක්කෝ ගොඩක් අහු වෙලා එකට කියලා ගෙදර අය කතා වෙනවා.. ආයේ යුද්දේ දිනන්න බැරි වෙයි කියලා එයාල ඔක්කොම කියනවා..

අලිමංකඩ කෑම්ප් එකට කොටි ගහන්න ඇවිත්.. බුල්ඩෝසර් එකක බෝම්බ හයි කරලා කෑම්ප් එක ඇතුලට ගෙනල්ල පුපුරවන්න ගිහින්.. හසලක ගාමිණි කියල කෙනෙක් ඒ අව බුල්ඩෝසර් එකට බෝම්බයක් එක්ක පැනලා ආමි එකේ කොල්ලන්ගේ ජීවිත බේරගෙනලු.. තමන්ගේ ජීවිතේ පූජා කරලා හරි රට රකින්න ඕනි කියන එක මගේ හිතට අවේ ඒකෙන් වෙන්න ඇති.. හසලක ගාමිණි කියලා උස මහත තේජවන්ත මනුස්සයෙක්ගේ පින්තුරයක් මගේ හිතේ අඳුනා... දවස් දෙකකට විතර පස්සේ tv එකේ හසලක ගාමිණි කියලා කෙනෙක්ගේ පින්තුරයක් පෙන්නනවා.. හීන්දෑරි ඇඟක් තියන උඩු රෑව්ලක් තියන කොල්ලෙක් ආන්බාන් කරන්න අමාරු වගේ පේන තුවක්කුවක් අල්ලගන ඉන්න පින්තුරයක් ඒක.. ඒ පුංචි මනුස්සයා එච්චර වීරකමක් කරා කියලා හිතෙනකොට මට හරි ආඩම්බරයක් දැනුනා..

මුලතිව් කෑම්ප් එකට කොටිගහලලු.. 1500 විතර කොල්ලෝ කොටුවෙලා කියලා tv එකේ කියනවා.. කෑම්ප් එකේ හිටිය සහෝදර සෙබළු බේරගන්න විශේෂ බලකායේ අණදෙන නිලධාරී ෆස්ලි ලෆීර් එක්ක 275 ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙච්ච සෙබළු ගුවනින් ඉයක්කච්චි වෙරළට ගොඩ බහිනවා.. බිහිසුණු සටන් අතරේ දරුණු තුවාල වෙන අණදෙන නිලධාරී තුමා තමන්ගේ සහෝදර සෙබළු අරමුණ කරා අභිතව මෙහෙයවනවා.. තුවාල වල දරුණු කමට එයාගේ ධෙර්යය උදුරා ගන්න බැරි උනත් එයාගේ ජීවිතේ උදුරා ගන්නවා... ඒත් මේ රටට ආදරේ කරන මිනිස්සුන්ට එයාගේ සුන්දර හිනාව නම් අමතක කරන්න බැරි වෙයි කවදාවත්....

නොනවතින රැල්ල කියලා කොටි එල්ල කරපු ප්‍රහාර එක්ක අලිමංකඩ කදවුර තවදුරටත් අපේ හමුදාවට අල්ලාගෙන ඉන්න බැරි වෙනවා.. මහා දවල් කදවුර අතැරලා පසුබහින්න හමුදාවට එන ලැබෙනවා.. දවස් ගානක් 

වතුර නැතුව හිටපු සෙබළු ගොඩක් දෙනෙක් දැඩි උණුසුම දරා ගන්න බැරුව මිය යනවා ...

තමන්ගේ දරුවෝ රට නිදහස් කරගන්න හමුදාවට බර දුන්න අම්මලා තාත්තලා උන් යේ ගෙදර එනකල් කමක් බීමක් නැතුව බලන් හිටිය යුගයක් මේ රටේ මෑතම ඉතිහාසේ තිබ්බා.. තමන්ගේ දරුවාගේ හෙට දවස වෙනුවෙන් දෙමාපියන්ගෙන් එක්කෙනෙක් වත් ජීවත්ව ඉන්න ඕනි කියල හිතල එකම තැනට රස්සාවට ගිය අම්මල තාත්තලත් බස් දෙකක කොච්චි දෙකක ගිය යුගයක් තිබ්බා..කොයි වෙලාවේ බෝම්බයක් පිපිරිලා කව්රු මැරෙයිද කයන්න බැරි තරම් අවිනිශ්චිත කාලයක් තිබ්බා...
රටේ හමුදාවේ බුද්ධි අංශයේ සමජිකයෝන්ගේ නම් ගම් ඔක්කොම ප්‍රසිද්ධ කරලා උන් මැරෙන කල් බලන් හිටිය කුහක දේශපක්ලකයෝ රට කරපු යුගයක් අපි පහු කෙරුවා.. 
කොටි කදවුරු ඇතුලට ගිහින් මහා කොටියෝ මරල දාන සෙට් එකක් හමුදාවේ ඉන්නවා කියලා කටකතාවක් යන්න පටන් ගත්තා එකවරම.. ශංකර් මරළලු.. ඇතුලටම ගිහින් ඇටැක් කරලා තියෙන්නේ.. තන්ගේමරන්, චාර්ල්ස් ඔය වගේ මහා කොටියෝ දුසිම් ගණන් උන්ගේ බලය තියන ප්‍රදේශ වලම මියැදෙන්න පටන් ගත්තා.. හමුදාවේ මහසොහොන් බලකායේ වැඩ... විශේෂ බලකාය ගැන එක එක්කෙනා කියපු කතා අහන ගොඩක් අයට මේ යුද්දේ අපිට දිනන්න පුළුවන් කියන පුංචි බලාපොරොත්තුවක් අයෙත් අවා..
කිලෝමීටර් 50-60 සතුරු කලාප ඇතුලට ගිහින් තමන්ගේ ඉලක්කේ සාර්ථක කර ගන්න දවස් ගණන් එහෙම සැගවිලා ඉන්න ඒ අභීත වීරයෝ ගැන කතා හැමෝම කියන්න ගත්තා.. තමන්ගේ කණ්ඩායමේ 8 දෙනෙක් එක්ක ඒ වගේ මෙහෙයුමකට ගිය ලලිත් ජයසිංහ ඉලක්කේ සාර්ථක කරගෙන අපහු එද්දී සතුරු වෙඩි පහරකින් මිය යනවා..අදටත් එතුමාගේ පින්තුරේ ළඟ තියාගෙන එතුමාගේ නොදැකපු දියණියට අකුරු කියවන ආදරණීය බිරිදගේ පින්තුරේ මට මැවිලා පේනවා.. එයාලගේ කැප වීම නිසා මේ රටේ කාන්තාවෝ කීදෙනෙක් තන්මන්ගේ සැමියා දරුවෝ එක්ක අද සතුටෙන් ඉන්නවද?? 

සිංහ කොඩියෙන් වහපු මිනි පෙට්ටි වලින් තමන්ගේ නෑදෑයෝ අන්තිම වතාවට බලන්න ගෙදර අපු අපේ රණවිරුවෝ කී දාහක් මේ පොලවේ අද නිදනවා ඇද්ද?? ඒ වගේම කවදාකවත් තමන්ගේ අවසන් ගමන තමන්ගේ නෑදෑ හිත මිත්‍රයෝන්ගේ කර මතින් යන්න බැරි උන මෙරටේම නොදන්නා තැනක මිහිදන් උන වීරයෝ කී දාහක් ඇත්ද???ඔබට අද දිනය නිදහසේ ගතකිරීමට සිය තරුණ ජීවය පුදකල දහස් ගණනක් වීර පුතුන් ඔබට මතකද ? අද ඔබ හුස්ම ගන්නේ ඔවුන් දිවි පුදා දිනු දේශයේ බව ඔබට මතකද ?

ඉතිරිව සිටිනා අප ලෙස වයසට නොම පැමිණෙති ඔව්හු.... ලොව කිසිදා කාලය හමුවේ නොමියෙති, නොම පිරිහෙති ඔව්හු ...
හිරු බැස යද්දී හිරු පායද්දී අප සැම සිහිපත් කරමු දිවිදුන් සොහොයුරන් ...!

උපුටා ගත්තේ මෙතැනිනි.

********************************